ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට යන්න පස්කොන් සටනක්

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රටවල් පහක් අතර ප්‍රබල සටනක් නිර්මාණය වී තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ඉන්දියාවට හා දෙවැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවට අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා මනා අවස්ථාවක් උදා වී ඇතත්, තෙවැනි, සිව්වැනි හා පස්වැනි ස්ථානවල පිළිවෙලින් රැදී සිටින ශ්‍රී ලංකාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව ද ඔවුන්ට මේ වන විට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටිනවා.
කෙසේ වෙතත්, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවසන් මහා තරගයේ බලාපොරෝත්තු අත්හැරීමටයි මේ වන විට සිදුව ඇත්තේ.
අවසන් තරගයට සුදුසුකම් ලැබීමටනම් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව කුමක් කළ යුතුද? අයි.සී.සී වෙබ් අඩවිය පල කළ පුවතක් ඇසුරින් ඒ පිළිබද තොරතුරු ඔබට ගෙන ඒමට අප තීරණය කළා.
First – India – 62.82% of possible points
- Remaining series: New Zealand (home, one Test), Australia (away, five Tests)
- Best possible finish: 74.56%
දෙවරක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසි ඉන්දියාවට අවසන් මහා තරගය සදහා මෙවරත් ක්‍රීඩා කිරීම සදහා ඉහළ අවස්ථාවක් පැවැති නමුත්, නවසීලන්තය හමුවේ ලද ටෙස්ට් තරගාවලි පරාජයත් සමග මේ වන විට අනෙක් කණ්ඩායම්වලට ද අවසන් මහා තරගයට ප්‍රවිශ්ඨ වීම සදහා අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ලකුණු ප්‍රතිශත පරතරය වන්නේ 0.32% ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයත් ඉන්දියාව පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටනම් එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරයේ දී අවම වශයෙන් තරග 4 ක්වත් ජය ගැනීමට සිදු වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පෙන්වා දෙනවා.
ඉන්දු-නවසීලන්ත තෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ දී එළඹෙන බෝර්ඩර් ගවස්කාර් (ඉන්දු-ඔස්ට්‍රේලියා) ටෙස්ට් තරගාවලිය ප්‍රබල බලපෑමක් සිදු කරනු ඇති.
Second – Australia – 62.50% of possible points
- Remaining series: India (home, five Tests), Sri Lanka (away, two Tests)
- Best possible finish: 76.32%
වත්මන් ලෝක ටෙස්ට් ශූරයින් වන ඔස්ට්‍රේලියාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටනම් ඔවුන්ට ඉතිරි ටෙස්ට් තරග හතෙන් තරග හතරක්වත් අවම වශයෙන් ජය ගැනීමට සිදු වනවා.
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වනු ඇතැයි අනුමානයක් සිදු කළහොත්, එවැනි තත්ත්වයකදී වුව ද, ඔස්ට්‍රේලියාවට අවසන් තරගයේ බලාපොරොත්තු රදවා ගත හැකියි. කෙසේ වෙතත්, එහිචී ඔවුන්ට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ජය ගැනීම අනිවාර්යය වනු ඇති.
ඉන්දියාවට එරෙහිව සිය රටේදීම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දෙකම ඔස්ට්‍රේලියාව පරාජයට පත්ව ඇති බැවින් ඔවුුන්ට එළඹෙන ඉන්දීය තරගාවලිය ප්‍රබල අභියෝගයක් වනු ඇති බවනම් නිසැකය.
Third – Sri Lanka – 55.56% of possible points
- Remaining Series: South Africa (away, Two Tests), Australia (home, two Tests)
- Best Possible Finish: 69.23%
එංගලන්ත ටෙස්ට් තරග සංචාරයේ අවසන් තරගයේ දී ලැබූ පෙරලිකාර ටෙස්ට් ජයත්, නවසීලන්තයට එරෙහිව ලැබූ තරග 2-0 ක ටෙස්ට් තරගාවලි ජයත් සමග අවසන් මහා තරගය සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ද මනා අවස්ථාවක් උදා වී තිබෙනවා.
ශ්‍රී ලංකාවට තවත් තරග 4 ක් ඉතිරිව ඇති අතර, ඉන් අවම වශයෙන් තරග 3ක් ජය ගතහොත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ දොරටු විවර වීමට වැඩි ඉඩක් පවතිනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉදිරි තරගාවලි අභියෝගාත්මක තරගාවලි දෙකක්. එහිදී ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර, අනතුරුව 2023 ලෝක ටෙස්ට් ශූරයින් සමග ද මෙරට දී තරග වැදීමට සිදු වනවා.
දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් ලැබුවහොත් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගාවලිය ලොවම බලා සිටින ඉතා තියුණු මුහුණුවරක් ගන්නා තරගාවලියක් බවට පත් වනු නොඅනුමානයි.
Fourth – New Zealand – 50% of possible points
- Remaining series: India (away, one Test), England (home, three Tests)
- Best possible finish: 64.29%
ඉන්දියාවේ දී වාර්ත කළ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයත් සමග නවසීලන්තයට ද මේ වන විට අවසන් තරගයට පිවිසීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, එය එතරම් පහසු කටයුත්තක් නොවේ.
නවසීලන්තයට අවසන් තරගයට සුදුසුකම් ලබන්නටනම් ඔවුන්ට ඉතිරි ටෙස්ට් තරග හතරම ජය ගැනීමට බොහෝ දුරට සිදු වනවා. ඒ අනුව ඉන්දියාවට එරෙහිව අවසන් ටෙස්ට් තරගයත්, එංගලන්තයට එරෙහිව සිය රටේදී පැවැත්වෙන ටෙස්ට් තරග තුනත් ජයගතහොත් ඔවුන්ට අවසන් තරගය පිළිබද බලාපොරොත්තුවක් තබා ගත හැකියි.
Fifth – South Africa – 47.62% of possible points
- Remaining series: Bangladesh (away, one Test), Sri Lanka (home, two Tests), Pakistan (home, two Tests)
- Best possible finish: 69.44%
දකුණු අප්‍රිකාව මේ දිනවල බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරමින් සිටින අතර, ඔවුන් තවත් ටෙස්ට් තරග 4ක් ද ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. අවසන් තරගයට සුදුසුකම් ලැබීමටනම් ඔවුන්ට එම තරග පහෙන් තරග හතරක්වත් ජය ගැනීමට සිදු වනු ඇති.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඔවුන්ට ඉතා වැදගත් වන අතර, එම තරගාවලියෙන් දකුණු අප්‍රිකාව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළහොත් අවසන් තරගය පිළිබද ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ මට්ටමකට රැගෙන යනවා. එමෙන්ම එවැනි පරාජයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවුවහොත් එය අවසන් තරගය පිළිබද ශ්‍රී ලංකාවේ බලපොරොත්තු ද සුන් කිරීමට හේතු වන බැවින් අදාළ තරගාවලියෙන් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව දැඩි උත්සාහයක් ගනු ඇති.