ටෙස්ට් නායක දිමුත්ට විදෙස් කණ්ඩායමකින් ආරාධනාවක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකින් ආරාධනාවක් ලැබී තිබෙනවා.
ඒ, එළඹෙන එංගලන්ත සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කිරීම සදහායි.
නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමටයි මෙම ආරාධනාව ලැබී ඇත්තේ.
මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 72කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, එහිදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 5,176ක්.