Ultimate magazine theme for WordPress.

ටෙස්ට් තරගයත් ජය ගත් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 16-0 ක් ලෙස අළුබදුන ජය ගනියි

එංගලන්තය සමග පැවැති කාන්තා අළුබදුන තරග මාලාව ප්‍රසාද ලකුණු 16-0 ක් ලෙස පූර්ණ තරගාමාලා ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ(1) සමත් වුණා.

ඒ, මෙල්බර්න්හීදී දෙරට අතර පැවැති ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ඉනිමක හා ලකුණු 122 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 170 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 440 ක්.

අනතුරුව එංගලන්තයට සියලු දෙනා දැවී දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙසත්, එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙසත් ජය ගෙන සිටි ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගයද ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු 16 ක් හිමි කර ගනිමින් අපරාජිතවම අළුබදුන ශූරතාවය දිනා ගත්තා.

කාන්තා අළුබදුන තරගමාලා ශූරතාවය කණ්ඩායමක් මෙලෙස පූර්ණ ලෙස ජයග්‍රහනය කළ පළමු අවස්ථාව මෙයයි.