ටිම් බූන් ශ්‍රී ලංකාව සමග මාසයකට ගිවිසුම්ගත වෙයි

Leicestershire හා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වූ ටිම් බූන් පුහුණුකරුවෙකු හා ඉහළ කාර්යය සාධන උපදේශකවරයෙකු ලෙස මාසයක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව තිබෙනවා.එ
ඒ, ඉන්දියාවේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු R Sridhar විසින් ද ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දින 10 ක පුහුණු කදවුරක් පැවැත්වූ පසුබිමකයි.
මැයි 8 වැනිදා සිට ටිම් බූන් ශ්‍රී ලංකා ජාතික කාන්තා කණඩායම, කාන්තා ඒ කණ්ඩායම, පිරිමි නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිතයි.