Ultimate magazine theme for WordPress.

ටිම් බ්‍රෙස්නන් ක්‍රිකට් පිටියට සමු දෙයි

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ටිම් බ්‍රෙස්නන් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු නියෝජනය කරන වෝර්වික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම විසින් ඒ බව නිවේදනය කළා.

මේ වන විට 36 වන වියේ පසුවන ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2006 වසරේ දීයි.

එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටිම් බ්‍රෙස්නන් ටෙස්ට් තරග 23කට, එක්දින තරග 85කට හා 20යි 20 තරග 34කට ක්‍රීඩා කර තිබුණා.

ජාත්‍යන්තර පිටියේ දී කඩුලු 200කට වැඩි ප්‍රමාණයක් දවා ගෙන ඇති ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 1,500 ඉක්මවනවා.