Ultimate magazine theme for WordPress.

ට්විටර් පණිවිඩ නිසා තවත් එංගලන්ත ක්‍රීඩකයෙකු අර්බුදයක

ජාතිවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ පල කළ තවත් වත්මන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වසර 8කට පමණ පෙර පල කළ ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කිරීමෙන් දිනකට පසුවයි මේ පිළිබදව ද තොරතුරු අනාවරණය වී ඇත්තේ.

විස්ඩන් වෙබ් අඩවිය විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති අතර, අදාළ ක්‍රීඩකයාගේ නම ඔවුන් හෙළි කර නැහැ.

එම ට්විටර් පණිවිඩ පල කරන අවස්ථාව වන විට මෙම ක්‍රීඩකයා අවුරුදු 16ට අඩු වයසක පසුවීම හේතුවෙන් ඔහුගේ නම හෙළි කිරීමෙන් ඔවුන් වැළකී තිබෙනවා.

මෙම ක්‍රීඩකයා සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ALSO READ : රොබින්සන්ගේ තරග තහනමට බ්‍රිතාන්‍ය අගමැතිත් එරෙහි වෙයි