Ultimate magazine theme for WordPress.

ට්‍රෙන්ට් බෝල්ට්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වන ලකුණු

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය එකගතාවය පල කර තිබෙනවා.

ඒ, පවුලේ සාමාජිකයින් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඔහු සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, ඔහු දේශීය ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරිමට සූදානමින් පසුවන බව සදහන්.

මෙම තීරණයත් සමග 33 හැවිරිදි ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මේ වන විට බොහෝ දුරට සීමා සහිත වී ඇති නමුත්, ඔහු ක්‍රීඩා කිරීමට සූදානම් අවස්ථාවලදී කණ්ඩායම සදහා තෝරා ගැනීම සදහා ද තවදුරටත් ඉඩ පවතින බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.