Ultimate magazine theme for WordPress.

ටස්කින් අහ්මඩ් බංග්ලාදේශ නායකත්ව සටනේ – ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින නායකත්වයත් ශන්තෝට

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයේ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ නම් කර තිබෙනවා.

ඒ, නිමා වූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහු සියලු තරග රටාවල නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍ය බවට එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ පසුබිමකයි.

නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Faruque Ahmed හා නජ්මුල් හොසේන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව නිකුත් කෙරුණු බංග්ලාදේශ එක්දින සංචිතයේ නායකයා ලෙස යළිත් ඔහුවම පත් කිරිමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරියේ දී නායකත්වය සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව සදහන්.

ඒ අනුව බොහෝ විට මෙහිදි හසාන් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසත්, ටස්කින් අහ්මඩ් හෝ තව්හිද් හ්රිදෝයි විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙසත් පත් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක නහිද් රානා එක්දින සංචිතයට නම් කර ඇති අතර, අසනීප තත්ත්වයකින් පසුවන ලිටොන් දාස්ට ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය අහිමි වී තිබෙනවා.

ආබාධයකට ලක්ව මෙතෙක් සුවය ලබා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක තන්සිම් ශකිබ් ද සංචිතයට ඇතුළත්ව නැහැ.

අනමුල් හක්, තයිජුල් ඉස්ලාම් හා හසාන් මහ්මුද් සංචිතයට නම් කර නොමැති අතර, සාකීර් හසාන් හා නසුම් අහ්මඩ් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද මෙම තරගාවලියට එක් වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය නොවැම්බර් 6, 9 හා 11 යන දිනවලදී සාජාහීදී පැවැත්වීමට නියමිතයි.

Bangladesh’s ODI squad

Soumya Sarkar, Tanzid Hasan, Zakir Hasan, Nazmul Hossain Shanto (c), Mushfiqur Rahim, Mahmudullah Riyad, Towhid Hridoy, Jaker Ali, Mehidy Hassan Miraz, Rishad Hossain, Nasum Ahmed, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Nahid Rana