ටමිම්ගෙන් හා මහ්මුදුල්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල පිළිතුරක්
Lunch Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි(17).
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 157ක් ලබා සිටියා.
ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 89ක් හා මහ්මුදුල් හසාන් ජෝයි නොදැවී ලකුණු 58ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
අද පෙරවරුවේ තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය රැස් කළ ලකුණු සංඛ්‍යාව 81ක්.
මහ්මුදුල් ලකුණු 51ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් ලසිත් ඇඹුල්දෙණිය අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.
ඊයේ දිනයේ දී ද ටමිම් ඉක්බාල් ලකුණු 2ක් රැස් කර සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගිය නමුත්, පසුව අසිත ප්‍රනාන්දු යොමු කළ එම පන්දුව නිපන්දුවක් ලෙස ද සංඥා කෙරුණා.
චිතගොං හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 397ක්.
ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 240ක්.