Ultimate magazine theme for WordPress.

ජෝ රූට්ගේ ඉල්ලීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් අවසර

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට ජෝ රූට් ඇතුළත් කර තිබෙනවා.

පළමු තරගය සදහා පමණක් ඔහුව මෙලෙස ඇතුළත් කර ඇත්තේ ඔහු විසින්ම සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අයර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත්ව සිටියේ නැහැ.

නමුත්, පසුව අයර්ලන්තයට එරෙහි සංචිතයට ඇතුළත්ව සිටි හැරී බෘෘක් ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයට ඇතුළත් කෙරුණේ ජේසන් රෝයි වෙනුවටයි.

ඒ අනුව හැරී බෘෘක් අයර්ලන්තයට එරෙහි තරගාවලියෙන් විවේක ගැන්වීමට පියවර ගැණුනා.

නවසීලන්තය සමග නිමා වූ එක්දින තරගාවලියේ දී රූට් සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර, ඒ හේතුවෙනුයි ඔහු විසින් අයර්ලන්තයට එරෙහි පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉල්ලීමක් සිදු කර තිබුණේ.

ඒ, එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර යළි සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමේ අරමුණින්.

පළමු එක්දින තරගය හෙට(20) ලීඩ්ස්හි Headingley ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

England squad vs Ireland:

Zak Crawley (c), Ben Duckett (vc), Rehan Ahmed, Joe Root (first ODI only), Brydon Carse, Sam Hain, Will Jacks, Craig Overton, Matthew Potts, Phil Salt, George Scrimshaw, Jamie Smith, Luke Wood.