ජොෆ්ර ආචර් තවදුරටත් ක්‍රිකට් පිටියෙන් ඉවතට

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට තවත් සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.
ඔහු දකුණු වැලමිටෙහි ආබාධ තත්ත්වයකින් පසුවන අතර, පසුගිය 11 වනදා දකුණු වැලමිටෙහි දෙවන ශල්‍යකර්මයට ද ඔහු ලන්ඩන් නුවර දී මුහුණ දුන් බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ආචර් මීට පෙර පසුගිය මැයි මාසයේ දී ද වැලමිට ප්‍රදේශයේ ශල්‍යකර්මයකට මුහුණ දුන්නා.
ඒ හේතුවෙන් ඔහුට මෙවර එංගලන්ත ගිම්හාන තරග වාරයම ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
එමෙන්ම 20යි 20 ලෝක කුසලානය මෙන්ම අලුබදුන තරගාවලිය ක්‍රීඩා කිරීමට ද ඔහුට නොහැකි වුණා.
එම ආබාධය හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වෙන තරග රැසක් සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.