ජොෆ්ර ආචර් එංගලන්ත එක්දින සංචිතයට නම් කෙරේ
![](https://www.hitwicket.lk/wp-content/themes/Hitwicket.lk/images/default-thumb/full.png)
ජනවාරි මාසයට යෙදී ඇති දකුණු අප්‍රිකානු තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද(22) නිවේදනය කළා.
සංචිතය සදහා ආබාධ හේතුවෙන් වසර දෙකක පමණ කාලයක් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් නම් කර තිබීම විශේෂත්වයක්.
ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේ දී යි.
ආබාධයකට ලක්ව සිටි රීස් ටොප්ලි ද යළි සංචිතයට නම් කර ඇති අතර, පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ හැරී බෘෘක් ද එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.
එමෙන්ම බෙන් ඩකට් ද 2016 වසරෙන් පසුව එක්දින සංචිතයට නම් කර තිබීම කැපී පෙනෙනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජනවාරි 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
England ODI squad:
Jos Buttler (capt), Moeen Ali, Jofra Archer, Harry Brook, Sam Curran, Ben Duckett, Dawid Malan, Adil Rashid, Jason Roy, Phil Salt, Olly Stone, Reece Topley, David Willey, Chris Woakes