Ultimate magazine theme for WordPress.

ජේම්ස් නීෂම්ට කොන්ත්‍රාත් අහිමි වෙයි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට නව කොන්ත්‍රාත් ගිවිසුමක් ලබා නොදීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මයිකල් බ්‍රේස්වෙල්ට පළමු වරට ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමක් පිරිනැමීමටයි එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට මෙවර කොන්ත්‍රාත් හිමිව ඇති අතර, පසුගිය වසරේ දී කොන්ත්‍රාත් හිමි නොවූ අජාස් පටෙල් ද මෙවර කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින් අතරට යළි ඇතුළත්ව සිටිනවා.

පසුගිය වසරේ කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් අතරින් මෙම වසරේ දී කොන්ත්‍රාත් හිමිව නොමැති ක්‍රීඩකයින් අතරට අයත් අනෙක් ක්‍රීඩකයා වන්නේ මෑතකදී ජාත්‍යන්තර පිටියට සමු දුන් රෝස් ටේලර්.

Players offered central contracts for 2022-23:

Tom Blundell, Trent Boult, Michael Bracewell, Devon Conway, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Neil Wagner, Kane Williamson, Will Young.