Ultimate magazine theme for WordPress.

ජෙරාල්ඩ් කොට්සියාට සති හයක් ක්‍රිකට් පිටිය අහිමි වෙයි

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙන්ම පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින, විස්සයි 20 හා ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ (30) නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු මුහුණ දුන් ආබාධයක් (groin niggle) හේතුවෙන්.

ඔහු අද දිනයේදී වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කෙරුණු අතර, එහිදී ආබාධය (muscle strain) පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට සති හයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති. පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 18 කට කඩුලු 2 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 67 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ජෙරාල්ඩ් කොට්සියා වෙනුවට Kwena Maphaka ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු ටෙස්ට් තරගයේදී පන්දුවක් වැදීම නිසා දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ද ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී ඇති පසුබිමකයි ජෙරාල්ඩ් කොට්සියාට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී ඇත්තේ.

මෝල්ඩර් වෙනුවට Matthew Breetzke දෙසැම්බර් 5 වැනිදා Gqeberha හී දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් වන දකුණු අප්‍රිකා සංචිතයට ආදේශ කෙරුණා.

ලුන්ගි එන්ගිඩී හා නන්ඩ්‍රි බර්ගර් ද ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් තේරීම් සදහා සලකා බැලීමට හැකි වන්නේ නැහැ.