ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.
38 හැවිරිදි වියේ පසු වන මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 58කට හා 20යි 20 තරග 22කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි.
It was an incredible journey with Sri Lanka Cricket,which I was honored to be a part of since 2010. So many valuable lessons learnt and beautiful memories I cherish throughout this amazing journey.I wish to thank all my coaches and teammates.I am eternally grateful! @OfficialSLC
— Jeevan Mendis (@jeevanmendis) December 27, 2021