ජැෆ්නා කිංග්ස් සංචිතයට නව දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන ජැෆ්නා කිංග්ස් සංචිතය සදහා නව දේශිය ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
එම කණ්ඩායම අද (27) පස්වරුවේ නිවේදනය කළේ ප්‍රියමාල් පෙරේරා හා රවීන් ද සිල්වා එලෙස සිය සංචිතය සමග එක්ව ඇති බවයි.
දකුණත් පිතිකරුවෙකු වන ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද එක්දින තරග දෙකකදී නියෝජනය කර තිබෙනවා.
දකුණත් පාදග පන්දු යවන්නෙකු හා දකුණත් පිතිකරුවෙකු වන 20 හැවිරිදි රවීන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩාමේ නායකත්වය ද දරනු ලැබුවා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.