Ultimate magazine theme for WordPress.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ආදේශ කෙරේ

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග නව විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම් ගත වී තිබෙනවා.

පාකිස්තානයේ ෂොයිබ් මලික් (තාවකාලිකව) හා සමාන් ඛාන් වෙනුවටයි එම ක්‍රීඩකයින් දෙදෙනා ආදේශ කර ඇත්තේ.

ඒ අනුව ෂොයිබ් මලික් වෙනුවට තාවකාලිකව බංග්ලාදේශයේ 22 හැවිරිදි දකුණත් පිතිකරුවෙකු වන Towhid Hridoy කිංග්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

පළමු තරග කිහිපයෙන් පසුව ෂොයිබ් මලික් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වන බව එම කණ්ඩායම නිවේදනය කළා.

එමෙන්ම සමාන් ඛාන් වෙනුවට දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක Nandre Burger කිංග්ස් සංචිතයට ආදේශ කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන්නෙකු හා වමත් පිතිකරුවෙකු වන ඔහු දකුණු අප්‍රිකා A, Cape Town Blitz, Nelson Mandela Bay Giants, Cape Cobras, SA Western Province, Joburg Super Kings යන කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

සමාන් ඛාන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියද පෞද්ගලික හේතූන් මත ඔහු තරගාවලියට එක් නොවන බවයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.