ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට උපදේශකවරයෙක් පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට උපදේශකවරයෙකු පත් කර තිබෙනවා.
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික විස්තර විචාරකයෙකු හා සහතිකලත් පුහුණුකරුවෙකු වන හේමන් බදානී මෙලෙස සිය කණ්ඩායමේ උපදේශක ලෙස යළි පත් කළ බවයි කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.
“පසුගිය වසරේ දී යාපනය කණ්ඩායමට ශූරයින් වීම සදහා ඔහුගේ වෘත්තීය උපදේශකත්වය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර ඔහු මේ වසරේ ද අප වෙනුවෙන් එයම කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
යනුවෙන් කිංග්ස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයක සදහන්.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය මීට පෙර ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පසුගිය වසරේ දී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි මහතායි.
සහාය පුහුණුකරු හා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මාරියෝ විල්ලවාරයන් මහතා පත් කෙරුණා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් මහතා කටයුතු කරන්නේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි.
දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ මහතා ද, විමුක්ති දේශප්‍රිය මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.