ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තාවකාලිකව සමු දීමට ශකිබ් අල් හසාන්ට අවසර
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලික විරාමයක් ලබා ගැනීම සදහා එරට ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබෙනවා.
අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම විවේක කාලය ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔහුගේ මානසික හා ශාරීරික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම විවේකය ලබා දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ශකිබ් අල් හසාන් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බලා එරට ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා ද ශකිබ් ක්‍රීඩා කරන්නේ නැහැ.
“ඔහු මට කතා කරලා කිව්වා ක්‍රීඩා කිරීම සදහා ඔහු ශාරීරිකව හා මානසිකව සුදුසු තත්ත්වයක නැහැ කියලා.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යුනුස් (Jalal Yunus) සදහන් කළා.
“දකුණු අප්‍රිකා තරග සංචාරයෙන් ඉවත් වෙන්න අවශ්‍යයි කියලා ඔහු කිව්වා. අපි තීරණය කළා ඔහුට අප්‍රේල් 30 වනදා දක්වා විවේකයක් ලබා දෙන්න”