Ultimate magazine theme for WordPress.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කැදවමින් ලෝක කුසලානයට සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිය සංචිතය සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් අද(15) නිවේදනය කළා.

ආබාධවලට ලක්ව සිටි ක්‍රෙයිග් අර්වින්, ටෙන්ඩයි චටාරා, වෙලින්ටන් මසකඩ්සා හා මිල්ටන් ශුම්බා යන ක්‍රීඩකයින් මේ වන විට සුවය ලබා සිටින බැවින් ලෝක කුසලානය සදහා ඔවුන්ව නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

බ්ලෙසින්ග් මුසරබානි ද සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බැවින් සිම්බාබ්වේ සංචිතයට නම් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පළමු වටය සදහා ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙන්.

ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

T20 World Cup squad:

Craig Ervine (c), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Bradley Evans, Luke Jongwe, Clive Madande, Wessly Madhevere, Wellington Masakadza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

Reserves:

Tanaka Chivanga, Innocent Kaia, Kevin Kasuza, Tadiwanashe Marumani, Victor Nyauchi