ජමීසන්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන්.
සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි ද පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.
Jacob Duffy හා Scott Kuggeleijn ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කර තිබෙනවා.
ක්යිල් ජමීසන් පසුගිය වසරේ ජූනි මාසයේ දී එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ද පිට කොන්දේ ආබාධයකට ලක්වූ අතර, අනතුරුව ඔහුට මාස 7ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබූ පසුබිමකයි මෙම තරගාවලිය සදහා ජමීසන්ව නම් කෙරුණේ.