ජපානය දෙවැනි 20යි 20 තරගයත් පරදියි
Match Report
ජපානය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 68 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද(11) සමත් වුණා.
ජපානයේ Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 125 ක් රැස් කළා.
ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 30 ක් රැස් කළ අතර, ඉමිතියාස් ස්ලාසා ලකුණු 27 කටත්, සහිල් ඩයස් ලකුණු 22 කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී ජපානය වෙනුවෙන් Rea Sakurano-Thomas ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ජපානයට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 57 ක් පමණයි.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් ඉමිතියාස් ස්ලාසා කඩුලු 3 ක් දවා ගත් අතර, ඩෙලෝන් පීරිස්, ලක්ෂාන් ගමගේ හා හර්ෂන වික්‍රමසිංහ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.