Ultimate magazine theme for WordPress.

ජඩේජා IPL තරගාවලියෙන් ඉවතට

ආබාධයකට ලක් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හා හිටපු නායක රවීන්ද්‍ර ජඩේජාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු අද(11) දිනයේ දී චෙන්නායි කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බවයි එම කණ්ඩායම සදහන් කළේ.

පසුගිය 4 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී ජඩේජා ඉළඇට පෙළේ ආබාධයකට ගොදුරු වුණා.

චෙන්නායි කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ දිල්ල කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගය සදහා ද ජඩේජා මෙම ආබාධය හේතුවෙන් ක්‍රීඩා කළේ නැහැ.