Ultimate magazine theme for WordPress.

චෙන්නායි හා මුම්බායි කණ්ඩායම් නිදහස් කළ හා රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් හා නිදහස් කෙරුණු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කිරීමට ලබා දී ඇති අවසන් දිනය අදයි.

මේ වන විට තරගාවලියට එක්වන කණ්ඩායම් විසින් එලෙස රදවා ගත් හා නිදහස් කෙරුණු ක්‍රීඩකයින්ගේ තොරතුරු නිවේදනය කරමින් පවතිනවා.

එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් 13 දෙනෙකු නිදහස් කිරීමට ගෙන ඇති තීරණය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එලෙස නිදහස් කෙරුණු ක්‍රීඩකයින් මෙසේයි –

  • Kieron Pollard, Anmolpreet Singh, Aryan Juyal, Basil Thampi, Daniel Sams, Fabian Allen, Jaydev Unadkat, Mayank Markande, Murugan Ashwin, Rahul Buddhi, Riley Meredith, Sanjay Yadav, Tymal Mills යන ක්‍රීඩකයින්.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වත්මන් සංචිතය සකස් වී ඇත්තේ මේ අයුරින් –

  • Rohit Sharma (c), Tim David, Ramandeep Singh, Tilak Varma, Suryakumar Yadav, Ishan Kishan, Tristan Stubbs, Dewald Brevis, Jofra Archer, Jasprit Bumrah, Arjun Tendulkar, Arshad Khan, Kumar Kartikeya, Hrithik Shokeen, Jason Behrendorff, Akash Madhwal

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඩ්වේයන් බ්‍රාවෝ එම සංචිතයෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිදහස් කර ඇති ක්‍රීඩක ලැයිස්තුව මෙසේයි –

  • Dwayne Bravo, Robin Uthappa, Adam Milne, Hari Nishaanth, Chris Jordan, Bhagath Varma, KM Asif, Narayan Jagadeesan

මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් සංචිතය සකස් වී ඇත්තේ පහත සදහන් ආකාරයටයි.

  • MS Dhoni (c), Devon Conway, Ruturaj Gaikwad, Ambati Rayudu, Subhranshu Senapati, Moeen Ali, Shivam Dube, Rajvardhan Hangargekar, Dwaine Pretorius, Mitchell Santner, Ravindra Jadeja, Tushar Deshpande, Mukesh Chowdhary, Matheesha Pathirana, Simarjeet Singh, Deepak Chahar, Prashant Solanki, Maheesh Theekshana
Leave a comment