චීනයට යන ශ්රී ලංකා පිලේ නායකත්වය සහන් ආරච්චිගේට
19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය සදහා වන ශ්රී ලංකා පිරිමි (ශ්රී ලංකා A) හා කාන්තා සංචිත ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතයේ නායකයා ලෙස සහන් ආරච්චිගේ නම් කර ඇති අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස සුපුරුදු පරිදි චමරි අතපත්තු කටයුතු කිරීමට නියමිතයි.
ලසිත් කෘෘස්පුල්ලේ, ශෙවෝන් ඩැනියල්, නුවන් තුෂාර, අශේන් බණ්ඩාර, ලහිරු උදාර, ලහිරු සමරකෝන්, විජයකාන්ත් වියස්කාන්ත් වැනි ක්රීඩකයින් ද පිරිමි සංචිතයට නම් කර තිබෙනවා.
මීට පෙර ආසියානු ක්රීඩා උළෙලට ක්රිකට් ක්රීඩාව ඇතුළත් වූයේ 2010 හා 2014 වසරවලදීයි. 2010 වසරේදී බංග්ලාදේශයත්, 2014 වසරේදී ශ්රී ලංකාවත් පිරිමි අංශයේ රන් පදක්කම දිනා ගත්තා. අවස්ථා දෙකේදීම එහි රිදී පදක්කම දිනා ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.
2023 ආසියානු ක්රීඩා උළෙල චීනයේ Hangzhou හී දී සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා පිරිමි A සංචිතය –
1) Lasith Croospulle
2) Shevon Daniel
3) Ashen Bandara
4) Sahan Arachchige – Captain
5) Ahan Wickramasinghe
6) Lahiru Udara (WK)
7) Ravindu Fernando
8) Ranitha Liyanarachchi
9) Nuwanidu Fernando
10) Sachitha Jayatilaka
11) Vijayakanth Viyaskanth
12) Nimesh Vimukthi
13) Lahiru Samarakoon
14) Nuwan Thushara
15) Isitha Wijesundera
ශ්රී ලංකා කාන්තා සංචිතය –
1.) Chamari Athapatthu – Captain
2.) Harshitha Samarawickrama
3.) Vishmi Gunaratne
4.) Nilakshi de Silva
5.) Kaveesha Dilhari
6.) Imesha Dulani
7.) Anushka Sanjeewani
8.) Oshadi Ranasinghe
9.) Sugandika Kumari
10.)Inoka Ranaweera
11.)Udeshika Prabodhani
12.)Hasini Perera
13.)Kaushini Nuthyangana
14.)Achini Kulasooriya
15.)Inoshi Fernando