චාමික ගුණසේකර ටෙස්ට් තරගයෙන් ඉවතට – කසුන් කණ්ඩායමට ආදේශ කෙරේ
ශ්‍රී ලංකා පළමු ඉනිම අද දිනයේ දී ලකුණු 439 කට සීමා වුණේ ඇෆ්ඝනිස්තානය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 198 ට පිළිතුරු ලෙසයි.

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(4) දිනයේ දී කම්පන තත්ත්වයකට මුහුණ දීම හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ චාමික ගුණසේකරට සිදු වුණා.
අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 410 ක් ලබා සිටි අතර, පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙනුයි චාමික මෙම කම්පන තත්ත්වයට මුහුණ දුන්නේ.
පන්දු 27 කින් ලකුණු 16 ක් ලබා සිටියදී චාමික ගුණසේකර මෙම කම්පන තත්ත්වය නිසා පිටියෙන් ඉවත් වීමට කටයුතු කළා.
අනතුරුව ඔහු වෙනුවට කසුන් රාජිත අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ආදේශ කිරීමට තීරණය කෙරුණු අතර, ඒ සදහා තරග තීරකවරයාගේ අනුමැතිය ද හිමි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
චාමික ගුණසේකර ඇෆ්ඝනිස්තාන පළමු ඉනිමේ දී පන්දුවාර 9ක් යොමු කළ නමුත්, ඔහුට ලකුණු 50 ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.
ඔහු 2022 වසරේ ජනවාරි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් තරගයේ දී ද ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට යොමු කිරීමට හැකි වූයේ එක් පන්දුවාරයක් පමණයි.
අනතුරුව ඔහුට යළි ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ මෙම ටෙස්ට් තරගයේ දී යි.
මේ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම අද දිනයේ දී ලකුණු 439 කට සීමා වුණේ ඇෆ්ඝනිස්තානය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 198 ට පිළිතුරු ලෙසයි.
අද දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඇෆ්ඝනිස්තානය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 35 ක් ලබා සිටියා.
ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 206. ක්.