Ultimate magazine theme for WordPress.

චාමික කරුණාරත්න මහනුවර අදියරට සූදානම්

පන්දු රකිමින් සිටියදී අනතුරකට මුහුණ දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ හෙටින් (10) ඇරඹෙන මහනුවර අදියර සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව ෆැල්කන්ස් කණ්ඩායමේ කළමණාකරු පවසනවා.

ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි කළමණාකරු සදහන් කළේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී පන්දුව මුහුණේ වැදීමෙන් චාමික අදාළ අනතුරට මුහුණ දුන්නා.

එහිදී දත් 4 ක් පමණ කැඩී යාමකට ලක්ව තිබූ අතර, කඩිනමින් රෝහල් ගත කෙරුණු ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

ෆැල්කන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය හෙට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.