චාමික කරුණාරත්නත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි
2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනයේ කටයුතු තවදුරටත් බැංගලූරුහී දී සිදු වෙමින් පවතිනවා.
වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 600ක් වන අතර, ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත්.
අද දිනයේ දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.
ඒ අනුව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිලදී ගැනීමට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ.
අද දිනයේ දී වෙන්දේසිය සදහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු පළමු ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.
ඔහුව මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකටයි ඔහුව මිලදී ගැනීමට එම කණ්ඩායම සමත් වුණේ.
අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වූයේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණයි.
ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකට මිලදී ගත්තා.
ඊයේ දිනයේ දී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
මේ අතර, වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු භානුක රාජපක්ෂ හා චරිත් අසලංක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.