චහාර්ට IPL තරගාවලියම අහිමි වෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.
පෙබරවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී චහාර් පාදයක ආබාධයකට ලක්ව තිබුණා.
ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වූ අතර, අප්‍රේල් මාසය අගදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත්, බැංගලූරුහී පිහිටි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී ඔහු සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අදාළ පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටියදී පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.