Ultimate magazine theme for WordPress.

චමීරගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඔස්ට්‍රේලියාව සමග මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වන එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

වම් පාදයේ වළලුකර ප්‍රදේශයේ වේදනාවකින් ඔහු පසු වූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් (MRI Scan) සදහා යොමු කර තිබෙනවා.

එම වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව ඔහුට ලබා දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණය කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ආබාධයකට ලක්ව සිටි වනිදු හසරංග අද තරඟයේ දී දුෂ්මන්ත චමීර වෙනුවට කණ්ඩායමට නම් කිරීමටයි කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගත්තේ.