චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවාස් කණ්ඩායම අද අවසන් තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ (Women’s T20 Challenge) අවසන් මහා තරගය අද (9) පැවැත්වෙනවා.
ඒ, හර්මන්ප්‍රීට් කෝවුර්ගේ නායකත්වයෙන් යුත් Supernovas කණ්ඩායම සහ ස්ම්රිටි මන්දනාගේ නායකතවයෙන් යුත් Trailblazers කණ්ඩායම අතරයි.
තරගය අද රාත්‍රී 7.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ද Supernovas කණ්ඩායම නියෝජනය කරනවා.