Ultimate magazine theme for WordPress.

චමරිගේ තුන් ඉරියව් දක්ෂතා මැද සිඩ්නි පිලට විශිෂ්ඨ ජයක්

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(31) සමත් වුණා.

උතුරු සිඩ්නිහී දී පැවැති තරගයට වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා කෙරුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 146 ක් ලබා ගත් අතර, හරිකේන්ස් කණ්ඩායමට පන්දුවාර 17 අවසානයේ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

සිඩ්නි තන්ඩර් ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 38 ක් රැස් කළේ පන්දු 29 කින් හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්. Heather Knight ලකුණු 48 යි.

පිළිතුරු හෝබාර්ට් ඉනිමේ දී චමරි පන්දු යැවීමෙන් ලකුණු 11 කට කඩුල්ලක් දවා ගැනීමට ද සමත් වුණා. Hannah Darlington කඩුලු 3 ක් බිද හෙලුවා.