චන්දිමාල් දකුණු අප්‍රිකා තරගාවලියට කැදවයි; 30 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා.
සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද කැදවා ඇති බවයි Sunday Times පුවත්පත වාර්තා කර ඇත්තේ.
දසුන් ශානක මෙම තරගාවලියේ දී ද කණ්ඩායම මෙහෙය වනු ඇති.
මේ දිනවල පැවැත්වෙන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දක්වමින් සිටින මහීෂ් තීක්ෂණ, පුලින තරංග, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංක වැනි ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන තරග 3 බැගින් වන එක්දින හා 20යි 20 තරගාවලි ලබන දෙවනදා සිට ආරම්භ වීමට නියමිතයි.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය –
Dasun Shanaka, Kusal Janith Perera, Avishka Fernando, Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Pathum Nissanka, Charith Asalanka, Kamindu Mendis, Minod Banuka, Dinesh Chandimal, Ashen Bandara, Wanindu Hasaranga, Chamika Karunaratne, Sahan Archchige, Lahiru Madushanka (Subject to fitness), Dushmantha Chameera, Binura Fernando, Nuwan Pradeep, Dilshan Madushanka, Lahiru Kumara, Akila Dananjaya, Praveen Jayawickrama, Maheesh Theekshana, Pulina Tharanga, Ramesh Mendis, Lakshan Sandakan, Asitha Fernando, Ishan Jayaratne, Dananjaya Lakshan, Shiran Fernando.