ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා නිවේදනය කෙරේ

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස භානුක රාජපක්ෂ පත් කර තිබෙනවා.
ඒ, ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්.
පසුගිය තරග වාරයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ශහිඩ් අෆ්රිඩි විසින් මෙහෙය වූ අතර, තරගාවලිය අතරතුර දී ඔහු යළි පාකිස්තානය බලා පිටත්ව යාම හේතුවෙන් තරගාවලියේ අවසන් තරග කිහිපය භානුක රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබුවා.
මෙවර LPL තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ පෙරේරා කටයුතු කරන බව ඊයේ(30) නිවේදනය කෙරුණා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා ද, දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක ද, කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ද පත් කර තිබෙනවා.
මේ අතර, දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කර ඇති බවයි දඹුල්ල කණ්ඩායම නිවේදනය කළේ.