ගුජරාට් ජයන්ට්ස් හා මුම්බායි ඉන්දින්ස් ගැටුමෙන් WPL පළමු අදියර ඇරඹේ
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(14) නිවේදනය කළා.
දින 23 ක් පුරා පැවැත්වෙන තරගාවලිය සදහා Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore හා UP Warriorz යන කණ්ඩායම් 5 ක්‍රීඩා කිරීමට නියමිතයි.
ලීග් වටයේ තරග 20 ක් ද, අවසන් වටයේ (Playoffs) තරග දෙකක් ද WPL පළමු අදියරේ තරගාවලියට ඇතුළත්.
තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින්.
මාර්තු 5 වැනිදා තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව එදින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගයත්, යූපී වොරියර්ස් කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.
එක් දිනකදී තරග 2 බැගින් පැවැත්වෙන දින 4 ක් තරග කාලසටහන ඇතුළත්. එහිදී දිනයේ පළමු තරගය පස්වරු 3:30 ටද , දෙවැනි තරගය රාත්‍රී 7:30 ටද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මුම්බායිහි DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 11 ක් ද, මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී තරග 11 ක් ද මෙවර තරගාවලිය යටතේ පැවැත්වෙනවා.
මූලික වටයේ අවසන් තරගය යූපී වොරියර්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන් මාර්තු 21 වැනිදායි.
අවසන් වටය යටතේ පැවැත්වෙන Eliminator තරගය DY Patil ක්‍රීඩාංගනයේ දී මාර්තු 24 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය Brabourne ක්‍රීඩාංගනයේ දී මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ වෙන්දේසිය ඊයේ(13) මුම්බායි හී දී පැවැති නමුත්, එහිදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් අලෙවි වූයේ නැහැ.