Ultimate magazine theme for WordPress.

ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය මූනිට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මූනි පත් කර තිබෙනවා.

කණ්ඩායමේ උප නායිකාව ලෙස පත් කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩිකා Sneh Rana.

තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, අවසන් මහා තරගය මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

දින 23 ක් පුරා පැවැත්වෙන තරගාවලිය සදහා Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore හා UP Warriorz යන කණ්ඩායම් 5 ක්‍රීඩා කිරීමට නියමිතයි.