ගිල්, ගයික්වඩ් හා සුන්දර් ඉන්දියාව පෙරමුණට ගෙන යයි
Match Report

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(10) සමත් වුණා.
හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.
සිම්බාබ්වේ වෙනුවෙන් Dion Myers පන්දු 49 කින් නොදැවී ලකුණු 65 ක් රැස් කළ අතර, Clive Madande ලකුණු 37 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අවේශ් ඛාන් ලකුණු 39 කට කඩුලු දෙකක් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් නායක ෂුබ්මන් ගිල් ලකුණු 66 (49) ක් හා රුටුරාජ් ගයික්වඩ් ලකුණු 49(28) ක් රැස් කළා. යශස්වි ජයිස්වාල් ලකුණු 36(27) යි.
පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා සිකන්ඩ රාසා කඩුලු 2 බැගින් දවා ගත්තා.