ගිම්හාන ජාත්‍යන්තර තරග කාලසටහන නවසීලන්තය නිවේදනය කරයි
2023-24 ගිම්හාන සෘතුවට අදාළ සිය ජාත්‍යන්තර තරග කාලසටහන නවසීලන්ත ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළා.
එම කාලසටහන අනුව වසර 8කට පසුව ඔස්ට්‍රේලියාව සමග නවසීලන්තයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.
ගිම්හාන තරග වාරය ආරම්භ කරමින් දෙසැම්බර් මාසයේ දී නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.
අනතුරුව දින 11කින් පසුව පාකිස්තානයට එරෙහිව ජනවාරි 12 වැනිදා සිට 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පසුව පෙබරවාරි 4 වැනිදා සිට 17 වැනිදා දක්වා වූ කාලයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුවයි ඔස්ට්‍රේලියානු කණ්ඩායම එරටට පැමිණීමට නියමිතව ඇත්තේ.
එම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිත බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.
නවසීලන්ත පිරිමි කණ්ඩායමේ කාලසටහනට අමතරව කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තරග කාලසටහන (පිරිමි) –
vs Bangladesh
- 1st ODI: December 17, Dunedin
- 2nd ODI: December 20, Nelson
- 3rd ODI: December 23, Napier
- 1st T20I: December 27, Napier
- 2nd T20I: December 29, Tauranga
- 3rd T20I: December 31, Tauranga
vs Pakistan
- 1st T20I: January 12, Auckland
- 2nd T20I, January 14, Hamilton
- 3rd T20I, January 17, Dunedin
- 4th T20I, January 19, Christchurch
- 5th T20I, January 21, Christchurch
vs South Africa
- 1st Test: February 4 to 8, Tauranga
- 2nd Test: February 13-17, Hamilton
vs Australia
- 1st T20I: February 21, Wellington
- 2nd T20I: February 23, Auckland
- 3rd T20I: February 25, Auckland
- 1st Test: February 29-March 4, Wellington
- 2nd Test: March 8-12, Christchurch
තරග කාලසටහන (කාන්තා) –
vs Pakistan
- 1st T20I: December 3, Dunedin
- 2nd T20I: December 5, Dunedin
- 3rd T20I: December 9, Queenstown
- 1st ODI: December 12, Queenstown
- 2nd ODI: December 15, Christchurch
- 3rd ODI: December 18, Christchurch
vs England
- 1st T20I: March 19, Dunedin
- 2nd T20I: March 22, Nelson
- 3rd T20I: March 24, Nelson
- 4th T20I: March 27, Wellington
- 5th T20I: March 29, Wellington
- 1st ODI: April 1, Wellington
- 2nd ODI: April 4, Hamilton
- 3rd ODI: April 7, Hamilton