Ultimate magazine theme for WordPress.

ගාලු හඹායාම සුනුවිසුනු කරමින් පුලින තරංගගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

Match Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද (01) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ මහනුවර කණ්ඩායමට ලකුණු 96 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

නුවර කණ්ඩායම හමුවේ මෙම තරගයෙන් පරාජයට පත්වුණේ ගාලෙු කණ්ඩායමයි.

මෙම තරගයේදී පන්දුවෙන් ඉතා විශිෂ්ඨ දස්කම් ප්‍රදර්ශනය කිරීමට පා දඟ පන්දු යවන ක්‍රීඩක පුලින තරංග සමත්වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාලු කණ්ඩායමේ නායක ප්‍රියමාල් පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා මහනුවර කණ්ඩායමට අරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි මහනුවර කණ්ඩායම පන්දුවාර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 269 ක් ලබා ගත්තා.

ළහිරු උදාර ලකුණු 63(84) ක් රැස්කළා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 56(69) යි. නායක නිරෝෂන් දික්වැල්ල සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 46 බැගින් ලබා ගැනීමට සමත්වුණා.

සහන් අරාච්චිගේ ලකුණු 21(29) ක් ලබා සිටියදී දැවී ගිය අතර, පුලින තරංග නොදැවී ලකුණු 20(15)යි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 61 කට කඩුලු 05 ක් බිඳ හෙලුවා. කවිශ්ක අන්ජුල කඩුලු 2 ක් දවා ගත් අතර, නිමේශ් විමුක්ති සහ මුදිත ලක්ෂාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 270 ක ජයගාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගාලු කණ්ඩායමට සාර්ථක හඹා යාමක් දියත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පුලින තරංග ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ගාලු ක්‍රීඩකයින්ට පන්දුවාර 42.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 173 ක් පමණයි.

පබසර වඩුගේ ලකුණු 50(88) ක් රැස්කළා. අශාන් රන්දික ලකුණු 28(21) යි. හේශාන් හෙට්ටිආරච්චි ලකුණු 21(35) කටත්, නිමේශ් විමුක්ති ලකුණු 22(39) කටත් දැවී ගියා. ධනංජය ලක්ෂාන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 1(7) ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පුලින තරංග පන්දුවාර 7.2 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 29 කට කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්වුණා.

ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2 ක් බිද හෙලූ අතර, ලසද රුක්මාල් සහ සහන් අරාච්චිගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

 

Leave a comment