ගාල්ලට කඩුලු 10 ක ජයක්

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති සිව්වැනි තරගයෙන් මහනුවර කණ්ඩායම පරදා කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා.
කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 124 ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසු කර ගියේ ඉනිම ආරම්භ කළ හෂාන් දුමිදු නොදැවී ලබා ගත් ලකුණු 54 න් හා සංගීත් කුරේ නොදැවී ලබා ගත් ලකුණු 75 න් ශක්තිමත් වෙමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365 ක්. සංගීත් කුරේ ලකුණු 132 ක් රැස් කළා.
අනතුරුව මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 198 ක් පමණයි.
මේ අතර, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගාවලියේ තෙවැනි තරගයේ සිව්වැනි හා අවසන් දිනය අදයි(29).
තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 62 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.
අනතුරුව යාපනය කණ්ඩායම සිය දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 349 ක්. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 67 ක් මෙන්ම නවෝද් පරණවිතාන හා රවිදු ප්‍රනාන්දු ලකුණු 64 බැගින් වාර්තා කළා.
ඒ අනුව ලකුණු 199 ක ඉලක්කයක් හඹා යන දඹුල්ල කණ්ඩායම තරගයේ තෙවැනි දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 154 ක්. තරගය ජය ගැනීම සදහා ඔවුන් තවත් ලකුණු 45 ක් ලබා ගත යුතුයි.