Ultimate magazine theme for WordPress.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් වනිදු රදවා ගනියි

එළඹෙන අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය කණ්ඩායමේ රදවා ගැනීමට Deccan Gladiators කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ඒ, තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම(Draft) පැවැත්වීමට දින දෙකක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

මේ වන විට වනිදු, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කිරීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින අතර, එහිදී ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙනුයි ක්‍රීඩා කරන්නේ.

හසරංගට අමතරව එංගලන්තයේ Tymal Mills හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Zahoor Khan ද Deccan Gladiators කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගෙන තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (icon player) වන්නේ කොදෙව් පිතිකරු ඇන්ඩ්‍රි රසල්.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.