Ultimate magazine theme for WordPress.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

Match Report

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, තරගාවලියේ 7 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුණු 25 ක ජයක් වාර්තා කරමින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරුවන් වූ තනුක දාබරේ ලකුණු 36 ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 39 ක් ද රැස් කළ අතර, ලහිරු උදාර නොදැවී ලකුණු 45 ක් රැස් කළා. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 29යි.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 58ක් ලබා ගත් අතර, රවී බොපාරා ලකුණු 46 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, වහබ් රියාස් හා ඉෆ්ටිකාර් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.