Ultimate magazine theme for WordPress.

කෝලි වරද පිළිගනියි ; ඉන්දියාවෙන් ප්‍රසාද ලකුණකුත් කපා හරියි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දියාව පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

කාල ගණනයන්ට අනුව නියමිත කාලය තුළ දී ඔවුන් එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අයි.සී.සී නීති රීති අනුව නියමිත කාලය නිමා වන විට යැවීමට අපොහොසත් වී ඇති එක් පන්දුවාරයක් සදහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවනු ලබනවා.

එමෙන්ම මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඉන්දියාවට හිමි ප්‍රසාද ලකුණක් කපා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

අයි.සී.සී තරග තීරක Andrew Pycroft විසින් දඩුවම් පැනවීම සිදු කර ඇති අතර, අදාළ වරද හා ලබා දුන් දඩුවම ඉන්දීය නායක විරාට් කෝලි විසින් පිළිගෙන තිබෙනවා.