කෝලිට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි ; නායකත්වය රාහුල්ට
දකුණු අප්‍රිකාව සමග අද(3) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය නායක විරාට් කෝලිට අහිමි වී තිබෙනවා.
පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනුයි ඔහුට මෙම තරගය අහිමි වී ඇත්තේ.
ඒ අනුව උප නායක කේ.එල් රාහුල් දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ජොහැනස්බර්ග්හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
හනුමා විහාරි මෙම තරගයේ දී විරාට් කෝලි වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැදවා තිබෙනවා.