Ultimate magazine theme for WordPress.

කෝටි දහස් ගණනක මිලක් යටතේ නව IPL කණ්ඩායම් දෙකක් සදහා ලංසු කැදවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියට ඇතුළත් කිරීමට නියමිත නව කණ්ඩායම් දෙකේ හිමිකාරීත්වය ලබා දීම සදහා ලංසු කැදවීමට තරගාවලි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ සිට තරගාවලියට එක් වන සියලු කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

නව කණ්ඩායම් දෙක කේන්ද්‍ර කර ගන්නා නගර දෙක කුමක් දැයි මෙතෙක් තීරණය කර නැතත්, ඒ වෙනුවෙන් මේ වන විට නගර 6ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

අහ්මදාබාද්, ලක්නව්, ගුවහාටි හා කටක් යන නගර ද ඒ අතරට අයත්.

නව කණ්ඩායම් දෙකේ හිමිකාරීත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන පාර්ශව ඔක්තෝබර් 5 වනදා වන විට ටෙන්ඩර් ලේඛනය මිලදී ගත යුතුයි.

එක් කණ්ඩායමක් සදහා වන අවම ලංසු මිල ඉන්දීය රුපියල් කෝටි 2,000ක් පමණ වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය අනාවරණය කළේ.

Leave a comment