කොළඹ දී ආබාධයකට ලක් වූ ටොම් ඇබෙල්ට බංග්ලාදේශ තරග සංචාරය අහිමි වෙයි
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටොම් ඇබෙල්ට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමි වී තිබෙනවා.
එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පසුගිය බදාදා ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව කොළඹ දී පැවැති පළමු එක්දින තරගයේ දී පන්දු යවමින් සිටියදී යි ඔහු මෙලෙස ආබාධයකට ලක්ව තිබුණේ.
ඊයේ(16) දිනයේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුගේ ආබාධය පිළිබද වැඩිදුර කරුණු අනාවරණය වී ඇති අතර, ඒ අනුව ඔහු කඩිනමින් එංගලන්තය බලා යළි පිටත්ව යනු ඇති.
මාර්තු පළමු වැනිදා සිට 14 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා මීට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය සංචිත නිවේදනය කළා.
ටොම් ඇබෙල්ට තරග සංචාරය අහිමි වුව ද, ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ.