Ultimate magazine theme for WordPress.

කොවිඩ් 19 සටනට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වෙයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එකගතාවය පල කර ඇති බව වාර්තා වනවා.

හික්කඩුව ආරච්චිකන්ද රෝහලට හදිසි අවශ්‍යතාවයක් වූ උපකරණ තොගයක් එලෙස ලබා දීමට නියමිත බව සදහන්.

උපකරණවල වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 4 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් 19 වසංගතයේ පළමු වන සහ 2 වන රැළිවලදී මෙම රෝහල ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, 3 වන රැල්ලත් සමඟ එය විශේෂිත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමටයි කටයුතු කෙරුණේ.

Leave a comment
x