Ultimate magazine theme for WordPress.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් බ්‍රිතාන්‍යයට

බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම විසින් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, මෙවර ප්‍රාන්ත සිව්දින තරගාවලිය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 3ක් සදහායි.

35 හැවිරිදි ග්‍රෑන්ඩ්හෝම් මේ වන විට නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28කට හා සීමිත පන්දුවාර තරග 86කට ක්‍රීඩා කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් වෙනුවටයි කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් සරේ කණ්ඩායම සමග එක්වී ඇත්තේ.

සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ තරගයක් අතරතුර දී කෙමා රෝච් ආබාධයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහු මේ වන විට යළි කොදෙව් දූපත් වෙත පිටත්ව ගොස් ඇති බව සදහන්.

Gloucestershire, Northamptonshire හා Kent යන කණ්ඩායම් සමග ඉදිරියේ දී පැවැත්වෙන තරග සදහා ග්‍රෑන්ඩ්හෝම් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහු මීට පෙර Warwickshire හා Hampshire යන ප්‍රාන්ත කණ්ඩායම් සදහා ද ක්‍රීඩා කර තිබුණා.