Ultimate magazine theme for WordPress.

කොරෝනා ලොක්ඩවුන් හමුවේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියට වෙන දේ

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි හුදෙකලා කිරීමේ නීති පැනවීමට දකුණු අප්‍රිකා රජය පියවර ගැනීම හමුවේ වුව ද, දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගැටලුවකින් තොරව තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

එරට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු අප්‍රිකා රජය විසින් පළමු මට්ටමේ සිට තෙවන මට්ටම දක්වා අවධානම් තත්ත්වය ඉහළ නැංවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව සියලු ඒකරාශී වීම් සති දෙකකට තහනම් වන අතර, දැඩි ඇදිරී නීතියක් ද එරට තුළ ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජාත්‍යන්තර තරග එරට තුළ පැවැත්වීම සදහා තවදුරටත් අවසර පවතිනවා.

මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.