Ultimate magazine theme for WordPress.

කොරෝනාවෙන් පසු පළමු T20 ලීගය අදින් ඇරඹේ

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා.

තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් එක් වන අතර, තරගාවලියට අයත් තරග සංඛ්‍යාව 33ක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ප්‍රධාන දේශීය 20යි 20 ලීග් තරගාවලිය මෙය වනු ඇති.

මෙවර තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

පළමු තරගය ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගයානා ඇමසන් වොරියස්  කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝහී ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වෙනවා.

කොරෝනා වංසගතය හේතුවෙන් කණ්ඩායම් රැසකට ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් නොමැතිව මෙවර තරගාවලියට එක් වීමට සිදුව තිබෙනවා.

මෙවර තරගාවලිය සදහා 20යි 20 පිටියේ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවා වන ක්‍රිස් ගේල් සහභාගී වන්නේ නැහැ.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

සී.පී.එල් තරගාවලියේ අවසන් තරගය ලබන 10 වනදා පැවැත්වීමට නියමිතයි.